hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 12, ප.ව. 2:10



කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටි රැඳවියෙක් මිය ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, නොවැ. 10 වන දා වැලිකන්ද ත්‍රිකෝණ කන්ද රක්ෂිතයේ අතරමංව සිටියදී මෙම පුද්ගලයා පොලිසිස් සහ හමුදා නිලධාරීන්ට හමුවී ඇති බවයි.

දින කිහිපයක් නිරාහාරව සිට ඇති ඔහු පොළොන්නරුව රෝහලට ඇතුළු කිරීමෙන් පසු ඊයේ (11) රාත්‍රියේ මිය ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 31ක කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ පුද්ගලයෙක්.

පසුගිය 7 වන දා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර රැඳවියන් පිරිසක් පළා ගොස් තිබුණා.