2022 දෙසැම්බර් 27, ප.ව. 2:10
මේ වසරේ පළමු වතාවට දඹුල්ල කණ්ඩලම ජලාශය වාන් දැමීම ඊයේ (26) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමත් සමග අනාරක්ෂිත ආකාරයෙන් දිය කෙළියෙහි නිරත වන පිරිස් අද (27) අලුයම සිටම දැක ගැනීමට හැකි වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
කණ්ඩලම ජලාශය වාන පිහිටි ස්ථානයේ අඩි 30ක පමණ ඉතා ගැඹුරු අනාරක්ෂිත ජලය පිරී ඇති ස්ථානයක් නිසා මෙම ප්‍රදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස දඹුල්ල පොලිසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මගින් දැන්වීම් පුවරු සවි කොට රතු පැහැති අවධානම් කොඩි ප්‍රදර්ශනය කරමින් දියට බැසීමට දිය නෑමට නොඑන ලෙස දන්වා තිබෙනවා.
එම දැන්වීම් පුවරුව කිසිසේත් සීමා නොකරමින් දියෙහි විනෝද වන පිරිස් එහි ගිය අපට දැක ගැනීමටට හැකි වුණා.
බාල, මහලු, වැඩිහිටි බොහෝ දෙනා ඉතා අනාරක්ෂිත ලෙස මෙම දැන්වීම් පුවරු අතරින් දිය කෙළියෙහි නිරත වන අතර වැඩිහිටියන් ඒ දෙස බලා තම ජංගම දුරකථන වලින් ඡායාරූප ගැනීම් සිදු කිරීමට වන අයුරු ද කන්ඩලම ජලාශය දී දැක ගැනීමට හැකි වුණා.
එමෙන්ම කණ්ඩලම වැවේ වාන මතින් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය පිහිටා තිබෙනවා.
මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබියදීත් ඇතැම් යතුරුපැදිකරුවන් කුඩා දරුවන්ද රැගෙන හිස් වැසුම් ආවරණ පවා නොමැතිව දියෙහි වාන මතින් ගමන් කරන අයුරු ද දැක ගැනීමට හැකි වුණා.
දඹුල්ල පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් ස්ථානවල සේවය කරමින් සිටින අතර ඔවුන් දැඩි ලෙස අවවාද කළ ද කිසිදු අවවාදයක් නොතකා පොලිස් නිලධාරීන් ස්ථානයෙන් නික්ම ගිය පසු නැවත වරක් දියකෙළියේ නිරතවන අයුරු දැක ගැනීමට හැකි වුණා.
කණ්ඩලම ජලාශයෙන් පිටවන වාන් ජලය කුඩා තමන් ඇළ හරහා මිරිස්ගෝනියාව ඔයට වැටී මිරිස්ගෝනියාව ඔය දිගේ කලාවැව කලා වැවට එකතු වෙනවා.
මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ප්‍රධානී උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා කියා සිටියේ අවශ්‍ය ආරක්ෂාව යොදවා තිබුණද කණ්ඩලම ජලාශය නැරඹීමටට සඳහා එන ප්‍රමාණය අධික වීමත් සමග බොහෝ තරුණ තරුණියන් කිසිදු නීතියකට යටත් නොවී සිටින බවයි.
කෙසේ වෙතත් මෙම ස්ථානයේ දැඩි ලෙස පාලනය කරමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළා.
මේ වන විට විශාල දිය අනතුරු රැසක් රට පුරා සිදු වෙද්දී තමන්ගේ ජීවිත පිළිබඳව මෙන්ම අන් අයගේ ජීවිත පිළිබඳව ද අවධානය යොමු කොට අනාරක්ෂිත දියෙහි දිය නෑම දිය කෙළියේ යෙදීම අනතුරුදායක බව වැඩිහිටියන් මෙන්ම තරුණ තරුණියන්ද වටහාගත යුතු බව පෙන්වා දුන්නා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05