2023 නොවැම්බර් 29, ප.ව. 3:29
මහවැලි ජලාශ රක්ෂිතයට අයත් නාරම්පනාව කොටගඟ රක්ෂිතයේ කුඹුක් ගසක් කැපීමට පැමිණි සිටියදී ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට බාරදුන් හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයා තෙල්දෙණිය පොලීසිය විසින් පොලිස් ඇප මත මුදාහරනු ලැබ තිබෙනවා.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාද සමඟ ප්‍රදේශයෙ ග්‍රාම නිලධාරිවරයෙකු බව කියන පුද්ගලයෙකු ද ගම්වාසීන් පොලීසියට අල්ලා දී ඇති නමුත් ඔහුට එරෙහිව පොලීසිය කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.
හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේසිරි නමැත්තා ව්‍යාපාරිකයෙකුද වන අතර ඔවුන් සමඟ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් පිරිසක්ද වාහනයකින් පැමිණ සිටි බව ප්‍රදේශවාසීහූ පැවසූවා.
කුඹුක් ගස කපන බවට ලද තොරතුරු මත ගම්වාසීන් එම ස්ථානයට ළඟා වෙත්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් පිරිස වාහනයේ නැගී පලා ගොස් ඇත.
විදුලි කියතක් භාවිත කරමින් අදාළ පුද්ගලයින් කුඹුක් ගසේ අත්තක් කපා තිබූ බවත් එම භාණ්ඩද සමඟ සැකකරුවන් පොලීසියට බාරදුන් බවත් ගම්වැසියෝ පැවසූවා.
රුක්කලා කෞතුකාගාරයක් ඉදිකීරීම සදහා වගකිවයුතු අංශවල අවසරයක් ද ලබාගෙන කුඹුක් ගස කැපීමට පැමිණි බව අත් අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා තිබුනත් එවැනි අවසරයක් ලබාගෙන නොතිබූ බව පොලීසිය පවසයි.
කුඹුක් ගස කැපීමට පැමිණි පිරිස ප්‍රදේශවාසීන් හා එක්ව පොලිසියට භාර දුන් ශ්‍රී රංකෙත ගිඩ්ඩව පුරාණ විහාරාධිකාරි පූජ්‍ය සෙංකඩගල ධම්මාලංකාර හිමි මේ සම්බන්ධයෙන් තෙල්දෙණිය මූලස්ථාන පොලිසියට පැමිනිලි කරමින් කියා ඇත්තේ ප්‍රදේශයේ ග්‍රාමසේවක වරයෙක් හා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකද මෙම සිදුවීමට සෘජුවම සම්බන්ධ බවයි.
මේ වන විට මෙම පුද්ගලයන් බේරා ගැනීම සඳහා දේශපාලඥයන් රැසක් මැදිහත්ව සිටින බවද හිමියෝ පැවසූවා.
ග්‍රාම නිලධාරිවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්කි නොමැති බව තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිඑම්.ඩී පලිහවඩන මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 ජනවාරි 10, පෙ.ව. 12:22
2025 ජනවාරි 10, පෙ.ව. 12:12
2025 ජනවාරි 10, පෙ.ව. 12:09
2025 ජනවාරි 10, පෙ.ව. 12:09
2025 ජනවාරි 10, පෙ.ව. 12:06