hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 22, ප.ව. 1:37



ශ්‍රී දළඳා මාලිගාව සහ සතර මහා දේවාල මගින් වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේදී ඉදිරිපත් කෙරෙන නර්තන අංග ඇතුළු සියලුම ප්‍රසංග භාණ්ඩ ගැසට් කිරීමට සාකච්ඡා කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ මිට අදාළව සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි.

නැටුම් අංග ඇතුළු සියලුම භාණ්ඩ ගැසට් කිරීමෙන් අනාගතයේදී ඒවා විකෘති නොවන බව දියවඩන නිලමේවරයා එහිදී පෙන්වාදී ඇත.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පෞරාණික සිරිත් විරිත්වලට ගරු කරමින් පවත්වාගෙන යෑම සඳහා සහභාගිවන්නන්ගේ සහ පහසුකම් සපයන රාජ්‍ය ආයතනවල කාර්යයන් නිශ්චිතව ප්‍රකාශ කර ගැසට් කිරීමට සැලසුම් කර ඇති බව එම සාකච්ඡාවේදී ඔහු සඳහන් කර තිබෙනවා.

පෙරහැර සංදේශය මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.