hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 මැයි 25, ප.ව. 5:12



ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා ගොස් තිබෙනවා.

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිය දී රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කළ රැඳවියෙක් මෙලෙස පළාගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවා.

එම රෝහලේ 19වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (25) උදෑසන ඔහු පළා ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාවකට වැරදිකරුවෙකු වී මාස දෙකක සිරදඬුවම් විඳිමින් සිටි අයෙකු බව චන්දන ඒකනායක මහතා පැවසුවා.