2023 අගෝස්‍තු 01, පෙ.ව. 6:08
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මාස දෙකක හිග විදුලිබිල්පත් සදහා ලක්ෂ 240ක මුදලක් විදුලිබල මණ්ඩලයට ගෙවිමට ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
විදුලිබිල වැඩි කිරිමට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ මාසික විදුලිබිල රුපියල් ලක්ෂ 80ක් පමණ වු අතර විදුලිබිල වැඩි කිරිමත් සමග මාසික විදුලිබිල රුපියල් ලක්ෂ 120 දක්වා වැඩිවි ඇති බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
ඒ අනුව විදුලිබිල්පත් සදහා මාසිකව ලක්ෂ 120ක මුදලක් කරාපිටිය ශික්ෂණ රෝහල විසින් විදුලි බල මණ්ඩලයට ගෙවිමට සිදුවි තිබෙනවා.
මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.ඩි.වයි.එම් රංගා මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසුමකදි හෙතෙම මෙසේ සඳහන් කළා.
“රෝහලේ විදුලි බිල්පත් ගෙවිම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන වෙන්කරනවා. ඒ නිසා ගැටළුවක් නැහැ. නමුත් විදුලිබිල්පත් ගෙවිමේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. මාස දෙකක පමණ හිග විදුලිබිල්පත් ගෙවිමට තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලැබුණු විගස හිග විදුලිබිල්පත් ගෙවිමට කටයුතු කරනවා.”
2025 ජූනි 02, පෙ.ව. 12:08
2025 ජූනි 02, පෙ.ව. 12:07
2025 ජූනි 02, පෙ.ව. 12:06
2025 ජූනි 02, පෙ.ව. 12:04
2025 ජූනි 02, පෙ.ව. 12:03