hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 03, ප.ව. 7:43



ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ගිණි පෑගීම සඳහා බස්නායක නිළමෙිවරයා නියමකර තිබූ ස්ථානයෙන් බැහැරව ⁣කපුමහතුන්ගේ අභිමතය පරිදි මැලය සකස්කරන ස්ථානය වෙත පැමිණි බස්නායක නිළමෙි ඩිෂාන් ගුණසේකර මහතා සහ කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති  කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කරමින් දර පොලුවලින් මැරයන් ලවා පහරදී ඇතැයි වාර්තා වෙනවා.

පසු ගිය වසරේ ගිණි පෑගීම සිදු කළ ප්‍රධාන වීදියේ වල්ලි අම්මා දේවාලය සීමාවේදීම මෙවරද ගිණි පෑගීම සඳහා අවශ්‍ය දර ගෙනැවිත් ගොඩබා තිබුණා. 

ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ ඇති චෛත්‍යයට සහ එහි බෝධීන් වහන්සේට ගිණි රශ්මය නිසා බලපෑමක් ඇතිවිය හැකි බවට විහාරාධිපති කපුගම සරණතිස්ස නාහිමියන් කළ ඉල්ලීමකට අනුව ඊට අවශ්‍ය කටයුතු කළ බව  නිලමේ කාර්යාලය කියයි.

මෙි අනුව බහුතර පිරිසකගේ අභිමතය පරිදි පසුගිය වසරේ ගිණි පෑගු ස්ථානයේ පෑගීම සඳහා ගොඩබා තිබූ දරගොඩ කපුමහතුන්ගේ අභිමතය පරිදි පිරිසක් ලවා අභිනවාරාම විහාරස්ථානය අභියසට අද්දවා ගිණි මැලය සකස් කරන අවස්ථාවේදී ඒ පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානය වෙත පැමිණි බස්නායක නිළමෙිවරයාට සහ නායක හිමියන්ට කපුමහතුන් කීපදෙනකු මැරයින් පිරිසක් ගෙන්වා පරුෂ වචනයෙන් බැන වැදී දරපොලුවලින් පහරදුන් බව පොලිසිය කියයි.

මාසයක්තුළ තේවා කටයුතු කරන කපු මහතකු දල වශයෙන් උපයන රුපියල් ලක්ෂ 500 ක පමණ ආධායමෙන් රුපියල් ලක්ෂ 25 ක පමණ මුදලක් පූජා භූමියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන ලෙසට කළ  ඉල්ලීමකට සමහර කපු මහතුන්  විරසකවී ඇති බවට නිළමෙි ඩිෂාන් ගුණසේකර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇත.

මෙි සම්බන්ධයෙන් අභිනවාරාමාධිපති නායක හිමියන්ද පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

Example Image