2024 මාර්තු 18, ප.ව. 5:05
රුහුණු කතරගම දේවාලය වෙත පූජා කරන ලද ස්වර්ණමය තැටියක් වංචනික ආකාරයෙන් පැහැර ගැනීම සම්බන්ධයෙන් දේවාලයේ කපු රාජකාරියේ නියුක්තව සිටි සොමිපාල තිඹිලත් රත්නායක මහතා සහ සමන් ප්‍රියන්ත මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉදිරි පියවර ගන්නා ලෙස 2023 දෙසැම්බර් 29 වන දින බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ.පී.සිරිබද්දන මහතා විසින් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වෙත ලිපියක් මගින් උපදෙස් දී ඇත.
දෙස් විදෙස්හි පතළ කීර්තිමත් සිද්ධස්ථානයක් වන රුහුණු මහ කතරගම දේවාලයේ ගෞරවනීයභාවය ආරක්ෂා කර ගැනීම සඳහා බස්නායක නිලමේ වරයා විසින් වගකීමෙන් කටයුතු කළ යුතු බවද ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තියෙනවා.
ඒ අනුව උද්ගත වී ඇති ගැටලුව සම්බන්ධයෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිෂාන් ගුණසේකර මහතා විසින් මහා කපුරාල වන සොමිපාල රත්නායක සහ අනෙකුත් කපුරාලගේ කපු ධූරය අත්හිටවීමට නිලමේවරයා විසින් තීරණය කර ඒ බව අද දින දැනුම් දී ඇති බව සඳහන් වෙනවා.
මේ මගින් සොමිපාල තිඹිලත් රත්නායක සහ සමන් ප්‍රියන්ත කපු රාළලා රුහුණු මහා කතරගම දේවාලයට ඇතුල්වීම හා රාජකාරි ඉටු කිරීම තහනම් කර ඇති බව සඳහන් වෙනවා.
මෙම කාරණයට අදාළව ක්‍රියාමාර්ග ගන්නා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් බස්නායක නිලමවරයාට උපදෙස් දී මාස තුනකට ආසන්න කාලයක් ගතවීමද කැපී පෙනෙන කරුණක් වෙනවා.
මේ ආකාරයෙන් නිසි උපදෙස් ලැබී තිබියදීත් අදාළ වැඩ තහනම් කිරීම සඳහා බස්නායක නිලමේවරයා උනන්දු නොවූයේ දේවාලයේ කපුරාලා විසින් බාහිර බලගතු පාර්ශ්ව මගින් එල්ල කරනු ලබන බලපෑම නිසාද යන්න බස්නායක නිලමේවරයා විසින් හෙළි කළ යුතුව තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කර ඇත්තේ ද වර්තමාන රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසිනි.
වැඩ තහනම් කරන ලද කපුරාලවරු විත්තිකරුවන් කරමින් රන්තැටිය දේවාල මාලිගාවෙන් සොරාගෙන ගොස් සාපරාදී විශ්වාසය කඩ කිරීමේ හා සාපරාදී සාවද්‍ය පරිහරණය පිළිබඳව නඩු අංක 73047/21 යටතේ තිස්ස මහරහම දිසා/ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් විභාග වෙමින් පවතිනවා.
2025 ජනවාරි 09, පෙ.ව. 12:15
2025 ජනවාරි 09, පෙ.ව. 12:09
2025 ජනවාරි 09, පෙ.ව. 12:08
2025 ජනවාරි 09, පෙ.ව. 12:06
2025 ජනවාරි 09, පෙ.ව. 12:05