hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු 20, ප.ව. 6:02



සමාජ මාධ්‍ය ජාලාවල වගකීම් විරහිතව අසත්‍ය තොරතුරු පළ කරමින් ජනතාව නොමඟ යවන පිරිසක් සිටින බවත් ඒවා හුදෙක් හාස්‍යජනක උපකල්පන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඉන්ධන නෞකා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර යන සාවද්‍ය මතයන් උපහාසයට ලක් කරමින් ඇය කියා සිටියේ, ඇතැම් පිරිස් තෙල් නැව් ගෙන්වීම “බීතෝවන්ගේ සංගීතය වාදනය කරමින් පැමිණෙන චූන් පාන් වෙළඳාමක්” ලෙස සරලව සිතා සිටින බවයි.

“රට වටේම තෙල් නැව් තියෙනවා කියලා මේ අය හිතනවාද දන්නේ නැහැ බීතෝවන්ගේ මියුසික් දාගෙන චූන් පාන් යනවා වගේ, අපි කතා කළාම එන්න කියලා තෙල් ටිකක් ගන්න පුළුවන් කියලා” යනුවෙන් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ලංකාව වටා රතු තිත් සහිත නෞකා ගමනාගමන සිතියම් පෙන්වමින්, මෙරටට ඉන්ධන ලබා ගැනීමට මුදල් නොමැති බැවින් නැව් දහස් ගණනක් මුහුදේ රඳවාගෙන සිටින බවට පළවන වාර්තා ඇය මෙහිදී ප්‍රතික්ෂේප කළා.

කෙසේවෙතත් මේවා සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේෂ සහගත බොරු ප්‍රවෘත්ති බවත් කිසිදු වගකීමකින් තොරව එවැනි දෑ “කොපි – පේස්ට්” කරමින් සමාජ මාධ්‍ය තුළ පතුරුවා හරින බවත්  කෞශල්‍යා ආරියරත්න නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වාදුන්නා.

ඒ පිළිබඳව ඇය වැඩිදුරටත් දැක්වු අදහස් :

” සමාජ මාධ්‍යවල දැන් කියනවා එක පෝස්ට් එකක් ෂෙයා වෙනවා මැප් එකක් ලංකාව වටේ රතු තිත් ගොඩක් තියෙනවා. දාස් ගාණක්. මේවා ඔක්කෝම තෙල් නැව්. ලංකාවට සල්ලි නෑ තෙල් නැව් ගන්න. දාස් ගාණක් තෙල් නැව් රට වටේම තියෙනවා. මේ අය හිතනවාද දන්නෑ බීතෝවන්ගේ මියුසික් දාගෙන චූන්පාන් යනවා වගේ රට වටේ ඉන්නවා අපි කතා කරලා එන්න තෙල් ටිකක් ගන්නවා කියලා. සම්පූර්ණ අසත්‍ය, ද්වේෂ සහගත බොරු ප්‍රවෘත්ති ගහනවා. මේවා කොපිපේස්ට් කරලා සමහර අය උස්සගෙන යනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: