hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:15



බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට විදෙස්ගතව සැගව පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර ඇතැයි වාර්තා වෙයි.

ගම්පහ පස්දේවා නමැති කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරොධය පළකිරීමක් ලෙස මෙලෙස තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

පසුගියදා අදාළ සැකකරු කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

සැකකරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යන අතරතුර මෙලෙස කෙහෙල්බද්දර පද්මේ විසින් එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට දුරකතනයෙන් අමතා මරණ තර්ජනය කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: