2025 ජූලි 11, ප.ව. 3:05
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාර දීම අද දිනයේ යෙදී තිබූ නමුත් ඒ සමග භාරදිය යුතු ඇමුණුම් මේ දක්වා මුද්‍රණය කර ලැබී නොමැති බැවින් එම අධි චෝදනා භාර දීම සැප්තැම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට අදාළ චෝදනා පත්‍ර අධිකරණය හමුවේ ගොනු කර තිබූණද ඊට අදාළ ඇමුණුම් මේ වන විට ගොනු කර නොමැති බවයි.
ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසූවේ එක් විත්තිකරුවකු වෙනුවෙන් ඇමුණුම් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 866,565/- ක් වැය වන බවත් මේ ආකාරයෙන් විත්තිකරුවන් දොළොස් දෙනෙකු වෙනුවෙන් අදාල ඇමුණුම් මුද්‍රණය කිරීමට නියමිතව තිබෙන බවත්ය.
එම ඇමුණුම් ලැබීමට දින 21 ක් පමණ ගතවනු ඇති බවට රජයේ මුද්‍රණාලාධිපතිවරයා දැනුම් දී ඇති නිසා දින 21කට පසුව එළඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලීම් කළාය.
ඒ අනුව අදාල නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමටද අධිකරණය නියම කර ඇත.
මෙම නඩුව අද මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
2026 මාර්තු 14, පෙ.ව. 12:33
2026 මාර්තු 14, පෙ.ව. 12:18
2026 මාර්තු 14, පෙ.ව. 12:15
2026 මාර්තු 14, පෙ.ව. 12:14
2026 මාර්තු 14, පෙ.ව. 12:13
06-03-26
06-03-26
06-02-26
06-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
14-12-25
14-12-25