hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 අගෝස්‍තු 02, ප.ව. 5:18



සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඔහු විසින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඒ සම්බන්ධයෙන් සකච්ඡාවක් ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වඩාත් විවෘත හා සාධාරණ වෙළෙඳ පොළකට ඉඩ සැලසීම සඳහා NMRA සහ SLMC පනත් සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ද තීරණය කර තිබෙනවා.

ඊට අමතරව, විද්‍යා විෂය ධාරාව පමණක් නොව ඕනෑම විෂය ධාරාවක් හැදෑරූ සිසුන්ට ද හෙද වෘත්තිය විවෘත කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

තවද, ශ්‍රී ලංකාව තුළ ඖෂධ පරීක්‍ෂණ සඳහා නවීන රසායනාගාරයක් ඉදි කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රය බිඳ දැමීමට ක්‍රියා කරන දේශපාලන අරමුණු සහිත පුද්ගලයන්ට එරෙහිව ද ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති.