2023 ජූලි 15, ප.ව. 7:13
උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පෙරේදා (11) ඇතුළත් කරන ලද 21 හැවිරිදි තරුණියක එන්නතක් ලබා දී සුළු වේලාවකට පසු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචි චමෝදි සංදීපනි මධුෂිකා ජයරත්න නමැති තරුණියක්.
උදරාබාධය හේතුවෙන් පසුගිය 10 වැනිදා කැටපිටිය රෝහලට ඇතුළත් කළ තරුණිය පසුදින ගිලන් රථයකින් ඇගේ මව සමග පේරාදෙණිය රෝහලට මාරු කර එවා තිබෙනවා.
හදිසි ප්‍රතිකාර ඒකකයට පෙරවරු 9.00ට පමණ ඇතුළත් කළ තරුණිය දහවල් 12.30 ට පමණ හතේ වාට්ටුවට යොමුකර තිබෙනවා.
එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී හෙදියක විසින් එන්නත් දෙකක් ලබා දීමෙන් පසු තම දරුවා එක් වරම නිල් පැහැ වී මරණයට පත් වූ බව තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පැවසුවා.
කොහොම වුණත් කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා මේ ගැන නම් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. ඇමතිවරයා පෞද්ගලිකව දැන හඳුනන පවුලකට තමයි ලු මේ විපත සිදු වෙලා තියෙන්නේ.
පේරාදෙණිය රෝහලේදී මිය ගිය තරුණියත් පසුගිය මැතිවරණ කාලේදී ඡන්ද වැඩවලට උපකාර කරලා ලු ඒ නිසා කෙහෙලිය ඇමතිවරයාත් මේ මරණය ගැන ගොඩක් සංවේදී වෙලා කියලා තමයි ඔහු නම් කියන්නේ.
කොහොම වුණත් මෑතකදී සිදුවුණ කතා පෙලක් එක්ක ඇමතිවරයා තව දුරටත් ධුරයේ රැදී සිටීමත් විමතියට කරුණක් බව බොහෝ විට සමාජයෙන් ඇසෙන කරුණක්.
ඒ කතා කොහොම වුණත් පේරාදෙණිය රෝහලේ සිදුවී තරුණියගේ මරණය සම්බන්ධයෙන් නම් සති දෙකක් ඇතුලත පර්‍යේශන වාර්තාවක් ලබා දෙන බව ඔහු කියනවා.
2025 ජූනි 02, පෙ.ව. 12:08
2025 ජූනි 02, පෙ.ව. 12:07
2025 ජූනි 02, පෙ.ව. 12:06
2025 ජූනි 02, පෙ.ව. 12:04
2025 ජූනි 02, පෙ.ව. 12:03