hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 30, පෙ.ව. 4:10



ඉන්ධන නොමැති වීම හේතුවෙන් මුහුදු ගමන් යාමට නොහැකිව පීඩාවන්ට පත් යාපනයේ දූපත්වාසී ධීවරයින් 700කට අධික පිරිසකට ඉන්දීය රජය යටතේ ඉන්ධන ආධාර ලබා දීම මේ දින වල සිදු වෙන බවට යාපනය දිසාපති කේ.මහේෂණ මහතා පවසා සිටියා.

යාපනයේ දූපත් වූ කයිට්ස්, අනලතීව්, එලවතීව්, නයිනතීව්, ඩෙල්ෆ්, නෙඩුන්තීව් ආදී දූපත්හි ධීවරයින් 705 දෙනෙකු වෙනුවෙන් මෙලෙස ඉන්දීය රජයේ ආධාර මත ලබාදුන් ඉන්ධන ලීටර් 15,000 ක ප්‍රමාණයක් ඉදිරි දින කිහිපය තුලදී බෙදා දීමට පියවර ගෙන ඇතැයිද දිසාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර යාපනය අනලතීව් සහ එලුවතීව් දූපත්හි පදිංචි ධීවරයින් 232 දෙනෙකු වෙනුවෙන් එක්අයෙකුට ඉන්ධන ලීටර් 20 බැගින් ලීටර් 4600 ක ප්‍රමාණයක් යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවත්වුණා.

මෙම අවස්ථාවට යාපනය ඉන්දීය නියෝජ්‍ය කොමසාරිස් කාර්යාල නිලධාරීන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, යාපනය දිසාපති කේ.මහේෂණ් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන් මෙන්ම දූපත්වාසී ධීවරයින් රැසක් සහභාගී වී සිටියා.