hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු 10, පෙ.ව. 12:03



“අපිට මොකටද ලිංගික අධ්‍යාපනය, අපට ඕන නැහැ ලිංගික අධ්‍යාපනය” ලෙස සදහන් කරමින් රැස්ව සිටි සංඝයා වහන්සේලා අමතමින් පසුගියදා කොළඹ බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේ පැවති සංඝ සමුළුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාට විවිධ පාර්ශ්ව විසින් දෝෂාරෝපණ එල්ල කරන බව මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා.

එම ප්‍රකාශයේ යම් දෝෂයක් තිබේ නම් එම දෝෂය ඇති වී ඇත්තේ තමාගෙන් නොව රටේ පවතින අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, තමා ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතා නොකරන බවත්, තමා කතාකළේ වත්මන් ආණ්ඩුවට පහර ගහන්නට නොව ආණ්ඩුවේ පවතින වැරදි අඩුපාඩු නිවැරදි කිරීම උදෙසා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ,

“අපි කතාකළේ මේ ආණ්ඩුවට පහර ගහන්නට නෙවෙයි. අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන පේන්න තියෙන මේ අඩුපාඩු නැති කරගන්න කියන වචනේ තමයි අපි රජයට කියන්නේ. මම කියන්න කැමති බුද්ධාගම හොඳින් රකිනවා නම්, කලින් ආණ්ඩුවලටටහ් වඩ හොඳින් රකිනවා නම් බුද්ධාගම රැකගැනීම වෙනුවෙන් ජනාධිපති බුද්ධ කොමිසන් වාර්තාවේ පළවෙනි නිර්දේශය ක්‍රියාත්මක කරන්න කියන එක මම කරුණාවෙන් සිහිපත් කරනවා. ටික දිනකට උඩදී මේ ස්ථානයේ ලොකු සඟ සමුළුවක් තිබුණා. දින 4ක් 5ක් යනකොට මට කියනවා මේ ෆේස්බුක්වලින් මට බනිනවලු. එක මෝඩ කතාවක් කිව්වයි කියලා දුම්රියක් ගැන. ෆේස්බුක් මම බලන්නෙත් නැහැ. යම් දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂය ඇති වෙලා තියෙන්නේ මගෙන් නෙවෙයි. මේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයත් එක්ක. ඉතිහාසයේ විෂය අපෙන් ඈත් වීගෙන යනවා. ඉතිහාසයේ විෂය ඉගෙන ගන්න ඕනේ. ඉතිහාසයේ ජීවත් වෙච්ච රජවරු, ආණ්ඩුකාරවරු, වර්තමානයේ ජනාධිපතිවරු දක්වා මේ ඉතිහාසය හිටියේ ප්‍රභූවරු සියලු දෙනා පිළිබඳවව අධ්‍යයනයක නිරත වුණා නම් ඔය මෝඩ ප්‍රශ්නය අල්ලගෙන මට බනින්නේ නෑ. මට දැනෙන ක්‍රමය හැටියට අපේ තනතුරුවලට වඩා පෞද්ගලික අරමුණු වලට වඩා මේ රටේ බෞද්ධ උරුමය වෙනුවෙන් එක ආවරණ එකට පෙනී සිටිය යුතුයි කියන හැඟීම මට තියෙන නිසයි මම ඒකට සහභාගි වුණේ…”

රොබට් නොක්ස්ගේ වාර්තාවල සදහන්වූ කරුණක් ලෙස උන්වහන්සේ පසුගිය පෙබරවාරී 20 වැනිදා පැවති සඟ සමුළුවේදී පෙන්වා දුන්නේ, මෙරටට ප්‍රථමයෙන් දුම්රිය ගෙන්වා එය ධාවනය කරන ප්‍රථම අවස්ථාවේදී එය දැක බලාගැනීමට විශාල පිරිසක් දුම්රිය මඟ දෙපස රැදී සිටි බවත්, එහිදී එංජිමක එක යාන්ත්‍රික ක්‍රියාවක් දැක ලැජ්ජාවට පත්වූ මව්වරුන් තමන්ගේ දියණියන්ගේ දෑස්, ඇද සිටි රෙදිකඩෙන් වසාදැමූ බවයි.

දුම්රිය ධාවනය වන විට දර්ශනය වූයේ කිසියම් ලිංගික කටයුතුතක් නොවන නමුත් එම යාන්ත්‍රික ක්‍රියාවලිය අප්‍රසන්න බැවින් සංවරශීලි අතීත මවුවරුන් එලෙස ප්‍රතිචාර දැක්වූ බව උන්වහන්‍සේ එහිදී සඳහන් කළා.

ලිංගික අධ්‍යාපනය යනු ‘මොන කෙහෙල්මලක්දැයි’ ප්‍රශ්න කරන රාහුල හිමිපාණන් “අපට ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය නොවන බවද මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: