2025 ජූනි 19, පෙ.ව. 12:09
මූල්‍යමය ලාභය ගැන පමණක් සිතා ආනයන භාණ්ඩ වෙත යොමුවීම වෙනුවට දේශීය භාණ්ඩ මිල දී ගෙන දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පාරම්පරික පිත්තල කර්මාන්තය නගා සිටුවීමට දියත් කෙරුණු සාමූහික වැඩසටහනේ දෙවන පියවර ලෙස පාරම්පරික පිත්තල කර්මාන්තකරුවන් සහ රාජ්‍ය නිළධාරීන් අතර විවෘතව අදහස් හුවමාරු කර ගැනීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමේ දීය.
වත්තල කුරුකුලාව දකුණ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පාරම්පරික පිත්තල කර්මාන්තය නගා සිටුවීමට සාමූහික වැඩසටහනක් දියත්කරන බවටත්, දේශීය පිත්තල කර්මාන්තයෙහි තත්වය උසස් කිරීම වෙනුවෙන් තාක්ෂණික සහයෝගය ලබා දීමට කටයුතු කරන බවටත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින් එම කර්මාන්තකරුවන්ට ලබා දුන් පොරොන්දුව අනුව ක්‍රියාත්මක වෙමින් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.
එහි පළමු පියවර ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (නර්ඩ්) නිලධාරීන් පිරිසක් මෙම ප්‍රදේශයේ තාක්ෂණික නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ. එහි තාක්ෂණික නිරීක්ෂණ දත්ත අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද මෙම රැස්වීමේ දී සාකච්ඡා කෙරිණි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
“දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ හා සමාන භාණ්ඩ මෙරට මිලට වඩා අඩුවෙන් විදේශයන්ගෙන් ආයනය කිරීමට හැකිවෙන්න පුළුවන්. නමුත් එම ලාභය ගැන පමණක්ම සිතා ආනයනය කිරීමට යොමු නොවී හැකි සෑම අවස්ථාවකම දේශීයව නිෂ්පාදන මිලදීගෙන එම කර්මාන්ත රැකගත යුතුයි. එසේම එම කර්මාන්ත කරුවන්ට නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට තාක්ෂණ මගපෙන්වීම ලබා දීම, විදේශීය නිෂ්පාදන සමග තරග කළ හැකි ලෙස ප්‍රමිතියෙන් උසස්, ආකර්ශනීය නිමාවකින් යුතු අගය එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම මෙන්ම නවීන උපකරණ භාවිතයට පහසුකම් සැපයීමයි කළ යුත්තේ. මෙම වැඩසටහනේ දී ඒ සඳහාත් අපි පියවර ගන්නවා.”
මෙම රැස්වීමේ දී, පිත්තල කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කර්මාන්ත අමාත්‍යාංශය හරහා සහනදායී මිලට ලබා ගැනීම, දැනට විශාල වශයෙන් සිදු කරනු ලබන අමුද්‍රව්‍ය අපනයනය සීමා කිරීම, ආදී ඉල්ලීම් ඇතුළු මෙම කර්මාන්තය රැකගැනීමට අවශ්‍ය ඉල්ලීම් කර්මාන්ත කරුවන් විසින් රාජ්‍ය නිලධාරීන් හමුවේ ඉදිරිපත් කළහ.
ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය නිලධාරීන් මෙම සාමූහික වැඩසටහන තුළින් ඉදිරියේ දී එකී ගැටළු වෙනුවෙන් සාධනීය පිළියම් යෙදීමට හැකියාව ලැබෙන බව ප්‍රකාශ කළ අතර, ඒ සඳහා කර්මාන්ත කරුවන්ගේ මෙම ඉල්ලීම් ඇතුළත් විධිමත් වාර්තාවක් කර්මාන්ත අමාත්‍යාංශයට යොමු කරන ලෙසත් දැන්වීය. කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, මුදල් යන අමාත්‍යාංශ සහ එම අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවල මැදිහත්වීමෙන් යම් යම් තැන්වල පවතින ගැටළු විසඳා ගනිමින් සාම්ප්‍රදායික පිත්තල කර්මාන්තය ඉහළ තලයකට ඔසවා තැබීමට ඉදිරියේ දී සහය ලබා දෙනබව ප්‍රකාශ කළහ.
2025 ජූනි 19, පෙ.ව. 12:14
2025 ජූනි 19, පෙ.ව. 12:05
2025 ජූනි 19, පෙ.ව. 12:04
2025 ජූනි 19, පෙ.ව. 12:04
2025 ජූනි 19, පෙ.ව. 12:04