hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 12, පෙ.ව. 9:23



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇති ණය ගෙවා අවසන් කරනතුරු ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ බදු ඉවත් කිරීම සිදුකළහොත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවය.

ඊයේ රාත්‍රී (11) ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ බව සදහන් කළේය.