hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2024 නොවැම්‍බර් 21, පෙ.ව. 12:03



ඉන්ධන මිල සූත්‍රයක් තිබීම හොඳ බවත් එය ඉවත් කිරීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බවත් බලශක්ති අමාත්‍යංශ නව ලේකම් ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.

ඉදිරියේ දී කිසියම් අවශ්‍යතාවක් ඇති වුවහොත් එය සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කරන බවයි, ලේකම්වරයා ප්‍රකාශ කළේ.

මිල සූත්‍රය පිළිබඳ බිය විය යුතු නැති බවත් මිල වැඩි කිරීමට නොව හැම විට ම මිල අඩු කිරීමට උත්සාහ කරන බව ද ඔහු අවධාරණය කරයි.

බලශක්ති අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: