hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2025 අගෝස්‍තු 17, ප.ව. 6:07



වර්තමාන බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තීරණය කර ඇතැයි Sunday Times පුවත්පත වාර්තා කරයි.

ඒ කුමාර ජයකොඩි 2015 වර්ෂයේ ලංකා පොහොර සංස්ථවේ සේවය කරමින් සිටිය දී සිදුකළ රාජ්‍ය මුදල් අවභාවිතයක් පිළිබඳ චෝදනාවක් පදනම් කරගෙනය.

ටෙන්ඩරයක් ලබා දීමේ දී රුපියල් මිලියන 8ක මුදලක් අයථා පරිහරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ලෙස කුමාර ජයකොඩි කටයුතු කර තිබේ.

ඒ අනුව ඊට අදාළව තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර දූෂණ චෝදනාවකට නඩු පැවරෙන වත්මන් ආණ්ඩුවේ පළමු ඇමතිවරයා කුමාර ජයකාඩි වන අතර පෙර කී චෝදනාවට අදාළව ඔහුගේ වැඩ තහනම් කොට ඇති බව ද වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: