hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 03, ප.ව. 3:04



හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරන බව පුවත්පත් වාර්තා කරනවා.

මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයා පහරදී ඇතැයි පොලිසිය සඳහන් කළ බව ද එහි දැක්වෙනවා.

පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බවද වැඩිදුරටත් සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කල විමසීමකදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ තාම එම පහර දීම සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් බහින්බස් වීමක් පමණක් සිදු වූ බවයි.