hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 21, පෙ.ව. 1:40



කටුපොත – පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කරුණාවතී නම් කාන්තාවක් ඊයේ පෙරවරුවේ හදිසියේ නිවසින් අතුරුදන් වී තිබූ අතර නිවැසියන් ප්‍රදේශවාසීන් හා එක්ව ඇය සෙවීමට කටයුතු කර තිබෙනවා.

පැය ගණනක් යන තුරුත් ඇයව සොයා ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් කළ සොයා බැලීමේ දී නිවස ඉදිරිපිට පිහිටා ඇති පොල්පිටිය වැවේ පා වෙමින් තිබියදී තිබී ඇයගේ අත්වාරුව සහ පාවහන් යුගලය හමුවුණා.

කෙසේ වෙතත් ඇගේ බෑනා වැවට ගොස් සොයා බැලීමේදි කරුණාවතී මව වැවේ ගිලී සිටින අයුරු දැක තිබෙනවා.

ඔහු ඇගේ හිසට අත තබා කතා කර ඇතත් ඇය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඒ අනුව ප්‍රදේශවාසීන් 200ට අධික පිරිසක් මෙලෙස බලා සිට ඇත්තේ මරණ පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණෙන තුරුයි.

කෙසේ වෙතත් පසුව එම මවගේ හිස ඇය සිටි ස්ථානයේ ගස් සෙළවෙන ආකාරය ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

නමුත් එය පරීක්ෂා කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොතිබූ පසුබිමක පොලීසියද දැනුවත් කිරීමෙන් අනතුරුව ප්‍රෙද්ශවාසීන් දෙදෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වී තිබුණා.

කිඹුලන්ද ගහණ එම ස්ථානයට ඔවුන් දෙදෙනා ලඟා වී තිබුණේ ඉතා අසීරුවෙන්.

ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ඇය කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් එම මවගේ නිවස අවමංගල්‍ය උත්සවයකට සූදානම් කර තිබුනා.