2022 ඔක්‍තෝබර් 28, ප.ව. 6:37
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොටසක විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබුණා.
ඒ විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන්.
එබැවින් රෝහලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාර බලාපොරොත්තුවන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. වීරසූරිය මහතා පවසනවා.
විදුලි බිල්පත් ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආපන ශාලාවේ සහ ආරක්ෂක සේවා අංශවල විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් ඊට අදාළ ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව විදුලි සම්බන්ධතාව යළි යථා තත්ත්වයට පත්කර ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවා.
මේ අතර එම රෝහලේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අප්‍රසාදය පළ කළේ.
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:07