hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 29, පෙ.ව. 12:11



‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති කෙටුම්පත් දෙකක් තිබෙනවා. පළමු වැන්න ස්ථාවර නියෝග , දෙවැන්න පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත. ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ නියෝජ්‍ය මහලේකම්වරයෙකු ඉවත් කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම නියෝජ්‍ය මහලේකම්වරයාව ඉවත් කරන්න කතානායකවරයාට බලයකුත් නැහැ. නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත යටතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නීතිරිති සම්ප්‍රදායන් සහ පූර්වාදර්ශ පිළිගන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බැඳි සිටිනවා.” යනුවෙන සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙක්ට විරුද්ධව පැමිණිල්ලක් ලැබුණු විට මුලින්ම ඒ නිලධාරියාට විරුද්ධව තිබෙන සාක්ෂි සම්පින්ඩනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි කිරිඇල්ල මහතා පවසන්නේ.

එය කතානායකවරයාගේ වගකිමක් වන අතර නමුත් එය සිදුව නොමැති බවයි ඔහු පවසන්නේ.

”ඒ වගේම චෝදනා ලබන පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරක් දරන නිලධාරියාට ආණ්ඩුව විසින් එම නිලධාරියාට නීති ආධාර ලබාදීමට නිතිපති දෙපාර්තමේන්තුවේ සහායත් ලබාදිය යුතුයි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරය උත්තරීතර තනතුරක් එම තනතුර කරපිංචා වගේ ඉවත් කරන්න නොහැකියි. ඒ වගේම පාර්ලිමේන්තුවේ ගෞරවය , නිලධාරීන්ගේ ගෞරවය . ආණ්ඩුවේ ගෞරවය සහ කතානායකවරයාගේ ගෞරවය ආරක්ෂා කරන්නයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මෙවැනි පුර්වාදර්ශ සහ සම්ප්‍රදායන් ලබාදී තිබෙන්නේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් අනුගමනය කරන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බැදි සිටිනවා.

මෙම සිද්ධියෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට විශාල කැළලක් ඇතිවෙනවා. ඒ වගේම නියෝජ්‍ය මහලේකම්වරයාගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසලත් නැහැ. ඔහුට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලත් නැහැ. ඔහුට විරුද්ධව සාක්ෂි ගොනු කරලා තිබෙනවා. ඒ සාක්ෂි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව මන්ත්‍රිවරු ඉදිරියේ තැබිය යුතුයි. එයින් මන්ත්‍රිවරුන්ටත් මේ සම්බන්ධයෙන් දැනුමක් ලැබෙනවා. කෙසේ නමුත් මෙම සිද්ධිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට විශාල අපකිර්තියක්.

කෙසේ නමුත් නියෝජ්‍ය මහලේකම්වරයාට තිබෙන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් නොකර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ඊළඟ පියවරට ගමන් කළ නොහැකියි. නියෝජ්‍ය මහලේකම්වරයා එල්ල වන විවිධ චෝදනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ කටකතා පැතිරෙනවා. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් තිබුණ සියලුම චෝදනා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න තිබුණා. පාර්ලිමේන්තුවට වාර්තා නොකර මේ සම්බන්ධයෙන් ඉදිරියට ගමන් කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්ට පටහැනිව පාර්ලිමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන විට ජාත්‍යන්තර වශයෙන් ලැබෙන අපකීර්තිය අති විශාලයි.

ඒ වගේම පාර්ලිමේන්තුව කියන්නේ රටේ නීති හදන ස්ථානය. නීති හදන ස්ථානයේ මෙවැනි තත්ත්යන් සිදුවෙනවානම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය , ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳව තිබෙන විශ්වාසය පලුදු වෙනවා. ඒ වගේම කතානායකවරයා අලුත් කෙනෙක්. ඒ නිසා ඔහුට මෙම නීති පිළිබඳව දැනුම්වත් කළ යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුගමනය කරන්න බැඳි සිටිනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්ප්‍රදායන් තිබෙනවා” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් පැහැදිලි කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: