hit counter

2025 ඔක්‍තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 02, ප.ව. 4:58



ආණ්ඩුව වරද්ද ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමෙන් එළියට දැම්මට පස්සේ බවත් ගහන්න ගහන්න මිනිස්සු නැගිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ,

“මේ රට කොයිබටද යන්නේ. ඉදිරි කාලය ඇතුළත. මේ රට ඉතාමත්ව අවාසනාවන්ත තත්ත්වයකට යන්නේ. එක පැත්තකින් පාසල් පද්ධතිය මේ විදිහට කඩලා තියෙනවා. ඊට පස්සේ රජයේ සේවයේ කොන්ද කඩනවා.

අනිත් පැත්තෙන් ආයෝජකයා රටට එන එක වලක්වන්න ක්‍රම තියනවා. ඒවා මේගොල්ලෝ විසින්ම නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේගොල්ලොන්ට සතුටු කරන්න පුළුවන් නම්, හතර පස්දෙනෙක් හිරේ දාලා.

හැබැයි, එකක් මතක තියාගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා විජේරාමෙන් එළියට ගියේ, එළියට දැම්මට පස්සේ අද දස දහස් ගණනින් මිනිස්සු සතියක් දෙකක් වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා බලන්න එනවා.

ආදරෙන් වැළදගන්නවා. අන්න ඒක තමයි ඒගොල්ලන්ට වැරදිච්ච තැන. මිනිස්සුන්ට ගහන්න ගහන්න මිනිස්සු නැගිටින බව හොදට මතක තියාගන්න.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: