hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:05



අනුරාධපුර සිය ඉඩමකට ඔප්පුවක් හදා ගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

දීර්ඝ ක්‍රියාවලියකට පසු ඊට අදාළ ලිපි ගොනුව සිය මේසය උඩට අත්සන් කිරීම සඳහා පැමිණ ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

තමන්ගේ ඔප්පුවට තමන්ටම අත්සන් කිරීමට සිදුව ඇති නිසා තමන් එය නොගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව සිය ආණ්ඩුව කිසි දිනක වෙනස් නොවන නිසා තමන්ට එම ඔප්පුව ගත නොහැකි වනු ඇති බව ද ඇමති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: