2026 මාර්තු 19, පෙ.ව. 12:12
2026 යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. එහිදී යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම, පොහොරවල මිල නියාමනය කිරීම සහ කෘෂි රසායනිකවල මිල නියාමනය යන කාරණා පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාව නියෝජනය කරමින් පොහොර සමාගම්වල නිලධාරීන් මෙන්ම ගොවි සංවිධානවල නියෝජිතයින් සහභාගී විය. ගොවි සංවිධානවල නියෝජිතයින් විසින් තමන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන් දැනට ලෝකයේ ඇතැම් රටවල් අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් රට තුළ ප්‍රමාණවත් තරම් පොහොර තොග තිබේද සහ එම පොහොරවල මිල ඉහළ යාමක් සිදුවේද යන කාරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මෙහිදී එක් ගොවි සංවිධානයක් පෙන්වා දුන්නේ රට තුළ පවතින පොහොර තොග පිළිබඳව කඩිනමින් විධිමත් සමීක්ෂණයක් සිදු කිරීම සුදුසු බවයි. තවද අනිසි ලෙස පොහොර තොග රැස් කිරීම සහ වැඩි මිලට පොහොර විකිණීම ගැන රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතු බවද මෙහිදී පෙන්වා දෙන ලදී. එමඟින් සැබෑ ගොවියාටම පමණක් පොහොර මිලදී ගැනීමට අවස්ථාව උදා වේ. වී වගාකරන ගොවියාට මෙන්ම අතිරේක බෝග, එළවළු, පලතුරු, අපනයන බෝග වගාකරන ගොවියාට ද දුෂ්කරතාවයකින් තොරව පොහොර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. සෑම පොහොර අලෙවි කිරීමකදීම විධිමත් පරිදි ලදුපතක් නිකුත් කිරීම අනිවාර්යය කළ යුතුය. ඉදිරියේදී වෙළඳපොළ තුළ පොහොර හිඟයක් ඇති වුවහොත් ප්‍රමිතියෙන් තොර පොහොර වෙළඳපොළ වෙත පැමිණීමේ අවදානම සළකා බලා ඊට අවශ්‍ය පිළියම් යෙදීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ප්‍රමිතියෙන් යුතු කෘෂි රසායන මිලදී ගැනීමට ගොවීන්ට අවස්ථාව සලසාදීම ද වැදගත්ය.
තවත් ගොවි සංවිධානයක් මෙහිදී ඉල්ලා සිටියේ කලින් ගෙන්වන ලද පොහොර පෙර පැවති මිලටම ලබා දීමට කටයුතු කරන ලෙසයි. අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියේය. ඇතැමුන් පොහොර වැඩි මිලට විකිණීමේ අපේක්ෂාවෙන් පොහොර සඟවාගෙන සිටින බව පෙන්වා දුන්නේය. කෘෂි රසායනික ද්‍රව්‍ය ද මිල නියාමනයකින් තොරව විකිණීම නිසා ගොවීන් අපහසුතාවයට පත්වන බව ද ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.
මෙහිදී ගොවීන් විශේෂ ඉල්ලීමක් වශයෙන් සිදු කළේ යල කන්නය සහා අවශ්‍ය පොහොර පෙර පැවති මිලටම ලබා දීමට කටයුතු කරන ලෙසයි. මීට මැදිහත් වූ අමාත්‍යවරයා ද පොහොර සමාගම්වලින් ඉල්ලා සිටියේ ගොවීන් වෙනුවෙන් සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි. ඒ අනුව සියලුම පොහොර සමාගම්වල ඉහළ නිලධාරින් එක්ව පොහොර මිටියක් රුපියල් 9500ක මුදලකට අලෙවි කිරීමට සිය එකඟතාවය පළ කළේය. පොහොර සමාගම්වල තීරණය සම්බන්ධයෙන් මෙහිදී ගොවි සංවිධානවල නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කළේය.
ගොවීන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, ලේකම්තුමා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කළේය. ඒ හා සම්බන්ධව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් විසින් විශේෂ දැනුම්වත් කිරීමක් සිදු කර ඇති අතර, ඊට අදාළ තොරතුරු ගොවි සංවිධාන සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ලබාගත හැකිය.
අනතුරුව සාකච්ඡාවට බඳුන් වූයේ කාෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳවයි. වෙළඳපොළ තුළ විවිධ නම්වලින් විවිධාකාරයෙන් වල්නාශක, පළිබෝධනාශක පවතින නමුත් ඒවායෙහි නිසි ප්‍රමිතියක් පවතීද යන්න ගැටළුවකි. ඒ සම්බන්ධයෙන් යම් නියාමනයක් අවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි. මිල සම්බන්ධයෙන් ද කිසිදු ආකාරයක නියාමනයක් නොපැවතීම විශාල ගැටළුවකි. පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය මඟින් වසර තුනකට වරක් ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන බව සඳහන් කරන ලදී.
මෙම අවස්ථාවට කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා, අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතා, අතිරේක ලේකම් ජානකී අමරතුංග මහත්මිය, පොහොර සමාගම්වල නිලධාරීන් සහ ගොවි සංවිධානවල නියෝජිතයින් සහභාගී විය.
2026 මාර්තු 19, පෙ.ව. 12:30
2026 මාර්තු 19, පෙ.ව. 12:19
2026 මාර්තු 19, පෙ.ව. 12:18
2026 මාර්තු 19, පෙ.ව. 12:15
2026 මාර්තු 19, පෙ.ව. 12:13
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26