hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59



ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වත්මන් සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ නිවස පිළිබඳව අපූරු අදහසක් පළ කර තිබේ.

උපුල් සන්නස්ගල කියන්නේ රටේ නිවුස් මවන චරිතයක් අද ලන්කාව්වේ බොහේ දෙනෙක් කතා කරන්නේ ඇමති ලාල් කාන්තගේ නව නිවාස පිලිබදව පහුගිය දින කිහිපයේ ඔහුගේ නිවසේ තිබුණු පිංකම් මාලාවක ෆොටෝ කිහිපයක් සමාජ මධ්‍යයේ සැරිසරනවා ඒ පිලිබදව උපුල් රසබර කතාවක් කියලා තිබුනා

ඔහුගේ ප්‍රකාශය එලෙසින්ම පහත දැක්වේ,

“අනුරාධපුරෙන් ආපු ලාල් කාන්ත 60 දී පොඩි ගෙයක් හදලා. ඒක ෆේස්බුක් වෛරල් වෙලා. හපුතලෙන් කොළඹ ආපු සන්නා 35 දී තඩි ගෙයක් හැදුවා. මගේ ගේ එක්ක ගත්තා ම ලාලගෙ ගේ හුණ්ඩුවක්. හැබැයි මගේ ගේ වෛරල් වෙන්න ඒ කාලේ මාලිමා ආණ්ඩුවක් තිබුණේ නෑ. ෆේස්බුක් තිබුණෙත් නෑ.”

සන්නස්ගලයන් පවසන කතාවේ සාරාංශය,

ලාල්කාන්ත මහතා වයස අවුරුදු 60 දී කුඩා නිවසක් තැනීම වෛරල් වීම ගැන ඔහු සිය අදහස දක්වයි.

තමන් වයස අවුරුදු 35 වැනි තරුණ වියේදීම කොළඹ නගරයේ ඉතා විශාල නිවසක් ඉදිකළ බව ඔහු මතක් කර දෙයි.

ලාල්කාන්ත මහතාගේ නිවස තමන්ගේ නිවස හා සසඳන විට ඉතා කුඩා බව (“හුණ්ඩුවක්” බව) ඔහු කෙලින්ම පවසයි.

එදා තමන්ගේ නිවස මෙලෙස කතාබහට ලක් නොවීමට හේතුව එවකට මාලිමා ආණ්ඩුවක් හෝ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල නොතිබීම බව ඔහු පෙන්වා දෙයි.

මෙම සටහන මේ වන විට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර දැඩි අවධානයකට ලක්ව ඇති අතර විවිධ අදහස් පළවෙමින් පවතී.