hit counter

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් 05, පෙ.ව. 12:09



ඇමති කේ.ඩී.ලාල්කාන්ත හැමදාම ඇත්ත කියන ඒ අනුව ජීවත් වන පුද්ගලයෙකු බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

“ලාල් කාන්ත ඇමතිතුමා බලයට එන්න කලින් ඇත්ත කිව්වා. එතුමා කිව්වා අවුරුදු තිහක් සම්පූර්ණයෙන් ජවිපෙට කැප කළා කියලා. ඒ නිසා එතුමාගේ දරුවාගේ අධ්‍යාපනය කරගැනීමට පවා අමාරු වෙනවා. බිරිඳ කියනවා ඔයත් මොනවා හරි කරන්න කියලා. එතුමා එදා ඇත්ත කිව්වා.

අදත් එතුමා කරන වැඩවල ඇත්ත පෙන්නනවා. එතුමා තට්ටු තුනක ගෙයක් හදලා AC හයි කරලා, සියලු පහසුකම් සහිතව ගේ හදලා, ඉඩම ලක්ෂ 550කට අරගෙන, අල්ලපු ඉඩමත් එතුමාගේ ඥාතියෙක්ගේ නමට අරගෙන සම්පූර්ණයෙන් කළමනාකරණය කරලා, ජනාධිපතිතුමා අගමැතිතුමිය ගෙන්වලා හොඳ දානයකුත් දීලා සංඝයා වහන්සේලාත් වැඩම්මුවා. එතුමා හැංගුවේ නෑ. ඒකට අපි එතුමාට ස්තූතිවන්න වෙනවා.”

පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: