2023 ඔක්තෝබර් 12, පෙ.ව. 10:26
ලංකා සතොස ආයතනයේ සේවය කරමින් සිටියදී මූල්‍ය වංචා කළ බවට ලංකා සතොස ආයතනයේ හිටපු සභාපතිවරයා සහ හිටපු කළමනාකරුට එරෙහිව පවරා ඇති නඩු වෙන් ලංකා සතොස හිටපු සභාපතිවරයා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයට සිදු කළ පැමිණිල්ලක් අනුව එම දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති අතර 10 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා විවෘත අධිකරණයේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් විමසා තිබූ අතර ඒ අනුව ලංකා සතොස ආයතනයේ හිටපු සභාපතිවරයාට චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා විසින් දන්වා තිබෙනවා.
මෙහි සැකකාර ලංකා සතොස ආයතනයේ හිටපු කළමනාකරුට එරෙහිව නඩුව තවදුරටත් පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නඩුව ලබන නොවැම්බර් මස පළමු වැනිදා වැඩිදුර වාර්තා සඳහා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:15
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:06