hit counter

2025 අගෝස්‍තු මස 04 වන සඳුදා

2023 අගෝස්‍තු 17, පෙ.ව. 10:03



සරසවි ආචාර්යවරියන්ගේ සහ සිසුවියන්ගේ අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (16) දන්වා සිටියේ දිවයිනේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් සිදුකළ පැමිණිල්ලකට අනුව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවයි.

කාන්තාවන්ගේ ලිංගික හැසිරීම් හා ආකල්ප පිළිබඳ තොරතුරු ගැනීමේ මුවාවෙන් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු ගැනීම සඳහා ගූගල් පෝරමයක් අන්තර්ජලය හරහා හුවමාරු වන බව සඳහන් කරමින් එම පැමිණිල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ගූගල් පෝරමයට අනුව විශ්වවිද්‍යාල සිසුවියන් සහ ආචාර්යවරියන් විශාල පිරිසක් සිය අතිශය පෞද්ගලික ලිංගික තොරතුරු දී ඇති බවට කරුණු අනාවරණ වෙමින් පවතින බව දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් ගූගල් සමාගමෙන් තොරතුරු ගෙන ඉදිරි විමර්ශන කරන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.