2024 දෙසැම්බර් 30, ප.ව. 12:26
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේගෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගෙන් පසු 2025 ජනවාරි 1 වැනි දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ වැඩ භාරගැනීමට නියමිතව ඇතැයිද වාර්තා සඳහන් කරයි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන රියර් අද්මිරාල් බානගොඩ 1989 වසරේදී විධායක ශාඛාවේ 19 වැනි බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක්ව තිබේ.
මේ අතර, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් 2025 ජනවාරි 1 වැනි දින සිට විශ්‍රාම යෑමට නියමිතය.
2022 ජූනි මස 01 වන දින 8 වැනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගත් ජෙනරාල් සිල්වා වසර 40කට අධික කාලයක් යුද හමුදාවේ සේවය සම්පූර්ණ කර ඇත.
ඔහු මීට පෙර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහු වත්මන් තනතුර භාර ගැනීමට පෙර හමුදාවට අණ දුන් පළමු තරු හතරේ ජෙනරාල්වරයා බවට පත්විය.
මේ අතර වත්මන් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ධුර කාලය ද ලබන මස අවසන් වීමට නියමිතය.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2025 ජනවාරි 02, ප.ව. 2:21
2025 ජනවාරි 02, ප.ව. 2:18
2025 ජනවාරි 02, ප.ව. 12:58
2025 ජනවාරි 02, පෙ.ව. 12:09