hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:43



මෙරට විදුලිබලාගාර විදෙස් සමාගම්වලට පැවරීමට ඉහල පෙළේ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.

ඒ අනුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය චීනයටත්, ලක්ෂපාන බලාගාරය කොරියානු සමාගමකටත් පැවරීමට සූදානම් වන වාර්තා වනවා.

දැනට නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයෙන් නිපදවන විදුලිය ඒකකයක් රුපියල් 18ත් 20ත් අතර මිලකට රජය ලබාගන්නා අතර එම මිල රුපියල් 40ක් 50ත් අතර මිලකට ඉහළයාම හා එම අදාළ බලාගාරයේ ණය ප්‍රමාණය මත මිල ගණන් තීරණය කිරීමේ අවුල් සහගත තත්ත්වයක් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කළා.  

මෙම ගැටලු විසඳාගත් වහාම නොරොච්චෝල බලාගාරය චීනයටම පැවරීමට තීරණය කර ඇති බව දැනගන්නට තිබෙනවා.

මේ අතර ලක්ෂපාන බලාගාරය පැවරීම සඳහා කොරියානු සමාගමක් හා විදුලිබල අමාත්‍යාංශයට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද වාර්තා වනවා. 

මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගන්නා ලද තීරණයට අනුව බලාගාර මිලදී ගැනීමට බලාපොරොත්තු වන විදේශ ආයතන විදුලි බිල වැඩි කරන ලෙස ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.