2022 ජූනි 21, පෙ.ව. 10:22
වාහන හිමිකරුවන්ගේ ලීසිං සහ ණය වාරික ගෙවීම වෙනුවෙන් මේ වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා සහන කාලයක් ලබා දෙන ලෙස ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය ලීසිං සමාගම්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව අසාධාරණ ලෙස ලීසිං නොගෙවන බව පවසා වාහන අත්පත් කර ගැනීම දෙසැම්බර් 31වැනිදා දක්වා නවත්වන ලෙස එම සංගමය ලීසිං ආයතනය ආයතනවලින් ඉල්ලා සිටී.
වත්මන් ඉන්ධන අර්බුදය නිසා ලීසිං වාරික ගෙවන්නන් දැඩි අර්බුදයකට පත්ව ඇතැයි ද ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය සඳහන් කරනවා.
කුලී රථ සදහා ඉන්ධන සපයන්නේ රුපියල් 3,000ත් 4,000ත් අතර නිසා, එම ප්‍රමාණයෙන් කුලී රථ දිවීමට හැක්කේ දින දෙකක් පමණක් බවත් දින දෙකක් කුලී රථ පදවා ලීසිං වාරිකය ගෙවීම කිසි ලෙසකින් වත් සිදු කළ නොහැකි බවත් එම සංගමය සඳහන් කර තිබෙනවා.
තම සංගමය මෙම සාධාරණ ඉල්ලීම සිදු කරන්නේ මාස දෙකක් තිස්සේ බවත් තවමත් මීට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් සමත්ව නැති බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය සිය ලිපියෙන් චෝදනා කර තිබෙනවා.
බලධාරීන් මේ සඳහා වහා විසඳුම් ලබාදිය යුතු බවත් වාරික ගෙවීමට සාධාරණ සහන කාලයක් ලබා දිය යුතු බවත් ලීසිං හා ණය වාරි ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
මේ අතර වාරික ගෙවීම පැහැර හැර තිබූ ලොරියක් බලහත්කාරයෙන් රැගෙන යන අතරවාරයේ එහි හිමිකරු අබිරහස් ලෙස මරණයට පත්වීමේ සිද්ධියකට අදාළව එම ලීසිං ආයතනයේ කළමණාකරු ඇතුළු දෙදෙනෙකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තේගම මීගම්මන වත්තේ පිහිටි නිවසක් අසල තිබූ ලොරි රථයක් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත්තේ පෙරේදා (18) අලුයම් කාලයේදීයි.
රථයේ හිමිකරු වත්තේගම මීගම්මන වත්ත ප්‍රදේශයේ පදිංචි ජාලිය කුමාර පරාක්‍රම නමැති 35 හැවිරිදි අවිවාහකයෙකු වන අතර ඔහු බ්ලොක් ගල් වැඩපළක් පවත්වාගෙන ගිය අයෙක්.
මොහුගේ ලොරියේ වාරික ගණනාවක් ගෙවා නැති අතර ලීසිං සමාගම විසින් රථය රැගෙන ඒම සඳහා බලයලත් බාහිර පාර්ශ්වකරුවෙකුට කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබෙනවා.
අදාළ බාහිර නියෝජිතයා හා දින කිහිපයකට පෙරාතුව මේ බව වාහනයේ හිමිකරුට දැනුම් දී ඇතත් හැකි නම් උස්සා පෙන්වන්නැයි හිමිකරු තර්ජනාත්මකව සඳහන් කරමින් ගැටුමක් ඇතිකරගෙන තිබෙන බවද පොලිස් විමර්ශන මගින් හෙළිවී තිබෙනවා.
ඒ අනුව පෙරේදා (18) අලුයම ලීසිං ආයතනයේ නියෝජිතයන් පැමිණ නිවස අසල මාර්ගයේ නවතා තිබූ ලොරිය රැගෙන යාමට උත්සහා දරා ඇති බවත් එහිදී එම ස්ථානයට දිව ආ රථයේ හිමිකරු ලීසිං නියෝජිතයන්ට විරෝධය දක්වමින් රථය ගෙන යාමට ඉඩ ලබා දී නොමැත.
ලොරිය රැගෙන යන අතරතුර එහි පිටුපස එල්ලී ගොස් ඇති බවත් ඒ වාහනය රැගෙන යාමට පැමිණි පිරිසගෙන් පහරකෑමකටද ලක්ව ඇති බවත් සැක කෙරෙනවා.
මහමග වැටී සිටි රථයේ හිමිකරු ප්‍රදේශවාසීන් පිරිසක් කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මරණයට පත්ව තිබෙනවා.
අදාළ ලීසිං ආයතනයේ නියෝජිතයන් ක්‍රමවත් පරිදි වාහනය රැගෙන යාම සඳහා පැමිණ නැති අතර මෙම සිදුවීමට අදාළව විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු මේ වනවිටත් හඳුනාගෙන තිබෙනවා.
මෙම මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වත්තේගම පොලිසිය විසින් සිදුකරනවා.
2025 පෙබරවාරි 22, පෙ.ව. 12:30
2025 පෙබරවාරි 22, පෙ.ව. 12:27
2025 පෙබරවාරි 22, පෙ.ව. 12:23
2025 පෙබරවාරි 22, පෙ.ව. 12:21
2025 පෙබරවාරි 22, පෙ.ව. 12:20