hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:04



මුද්‍රණ කාඩ් හිඟය නිසා නිකුත් කිරීම නතර වූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ආරම්භ කර ඇත. මෙම හිඟය හේතුවෙන් තාවකාලික බලපත්‍ර නිකුත් කෙරුණි.

මුද්‍රණය සඳහා රැඳී ඇති බලපත්‍ර ගණන ලක්ෂ 3.5කට ආසන්නය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ මුද්‍රණය සිදුකෙරෙනු ඇත්තේ වේරහැර ප්‍රධාන කාර්යාලය, හම්බන්තොට හා අනුරාධපුර අතිරේක මධ්‍යස්ථාන තුනකදී බවය.

දිනපතා බලපත්‍ර 6,000ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් 1,500ක් එක්දින සේවාව යටතේය. සාමාන්‍ය සේවාව යටතේ දිනකට 4,500ක් නිකුත් වනු ඇත.

ගොඩගැසුණු බලපත්‍ර සති දෙකක් තුළ මුද්‍රණය කර බෙදාහැරීමට හැකිවනු ඇති බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. මේ අතර තවත් කාඩ් ලක්ෂ 10ක් ඉදිරියේදී ආනයනය කෙරේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: