hit counter

2025 මාර්තු මස 14 වන සිකුරාදා

2024 ජූනි 09, පෙ.ව. 12:04



අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ පසුගිය 2023 වසරේ පැවති උසස් පෙළ විභාගය සමත්වූ සිසුන්ට ලබාදෙන ණය මුදල ලක්ෂ 15ක් දක්වා ඉහළ තමා ඇති බවයි.

එම නය මුදල ලබාගත හැක්කේ උසස් පෙළ විභාගය වාර තුනකට නොවැඩි වාර ගණනකදී අදාළ සාමාර්ථ ලබාගෙන රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමට ප්‍රමාණවත් ලකුණු නොලැබූ සිසුන්ට වන අතර එම සිසුන්ගේ වැඩිදුර අද්‍යාපණ කටයුතු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන හරහා සිදුකර ගැනීම වෙනුවෙන් මෙම මුදල රජයේ මැදිහත්වීමෙන් ලබාදෙයි.

ඒ අනුව මෙතෙක් ලබා දුන් ණය මුදල රුපියල් ලක්ෂ පහළොවක් දක්වා ඉහළ දමා ඇතිනතර ලංකා බැංකුව හරහා මෙම ණය මුදල නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම ණය මුදල පොලී රහිත වන අතර එය උපාධි පාඨමාලාව අවසන් වී වසරක සහන කාලයකින් පසු නැවත ගෙවීම ආරම්භ කළ යුතු බව සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: