hit counter

2025 ජූනි මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 29, ප.ව. 6:09



සියයට දෙකක් වැනි ඉතාම සුළු පොලී අනුපාතිකයක් යටතේ අනුමත වූ රුපියල් මිලියන 700 ක්වූ සහන පොලි මුදලේ පළමු වාරිකය වන ඩොලර් මිලියන 250 පමණ මුදල අද දිනයේදී ලැබෙන බවත් එය අයවැය ආධාරකයක් ලෙස යොදා ගැනීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එහි දෙවන වාරිකය ලබන මිලියන 250 ක මුදල ඔක්තෝම්බර් මාසයේදී ලැබෙන බවත් එහි තුන්වන කොටස වන ඇමරිකන් ඩොලර් මිලියන 200 ක මුදල අස්වැසුම වැඩසටහන සඳහාත් හිමිවන බවයි.

එමෙන්ම මෙය රටක් වශයෙන් ඉතාම වාසිදායක තත්ත්වයක් බවත්, ලෝක තුළ ඇති විශ්වාසය මත එවැනි ණය සහනාධාරයක් ලබාදීම මේ මොහොතේ ඉතා වැදගත් කාරණයක් බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා.