hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 09, ප.ව. 2:06



පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මෙම මස මස 31 වන දිනට පෙර භාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය පවසනවා.

අදාළ කාලසීමාව තුළ ඒවා ලබා දෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන්නේ නැහැ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන අතර ඒවා යම් පුද්ගලයෙකු සතුව තිබේනම් කඩිනමින් ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙසයි එහි වැඩි දුරටත් සඳහන් වන්නේ.

2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාල සීමාව තුළදී, ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදහන් වී ඇති අතර ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන ගණනාවක් ද ඒ අතර වන බවයි අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.

නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් පවසනවා.

තවද, මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ද ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිල ලාංඡනවල ඡායාරූප පහතින්