hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 27, ප.ව. 4:48



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජාතික ආරක්ෂාව, මහජන සාමය හා නීතියේ ආධිපත්‍යයේ හිතසුව පිණිස 2021 වසරේ අප්‍රේල් මස 13 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝග යටතේ සංවිධාන 11ක් තහනම් කර තිබුණා.

වැඩිදුරටත් වාර්තාවන්නේ එම සංවිධාන අතරින් එක්සත් තවුහිද් ජමාත්, සිලෝන් තවුහිද් ජමාත්, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත් සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන සඳහා පනවා තිබූ තහනම මෙලෙස නව ගැසට් නිවේදනය හරහා ඉවත් කර ඇති බවයි.