hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 මැයි 23, පෙ.ව. 11:30



අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පත්කර ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණ සම්ප්‍රදායක් අනුගමනය කරමින් යැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

නිලවරණය පවත්වන තැන එක වරුවකින් වෙනස් කරමින් ප්‍රධාන ශිෂ්‍ය සංගම් රැසකට එහි නියෝජනය අහිමි කිරීමෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ඊයේ (22) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවා.

ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය යනු නොමිලේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන වටින බලවේගයක් යැයිද මෙවැනි ක්‍රියාකාරකම්වලින් සිදුවන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය ගැන ඇති මහජන විශ්වාසය පලුදුවීම යැයිද රත්නායක මහතා පැවැසුවා.

ආසන්න කාලය පුරාම කුමන්ත්‍රණකාරී ආකාරයෙන් අන්තරේ කැඳවුම්කරුවන් තේරීමේ සම්ප්‍රදායක් පවත්වාගෙන යන්නේ යැයි චෝදනා කළ හෙතෙම මෙම තත්ත්වය අනිවාර්යයෙන් පරාජය කළ යුතු යැයිද කියා සිටියා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ගැන විශ්වාසය බිඳ වැට්ටවීම ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව කටයුතු කරන්නන්ට ඉහළ අවස්ථාවක් යැයිද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.