2022 නොවැම්බර් 28, පෙ.ව. 11:29
ඊයේ (27) දිනට යෙදී ඇති මහවිරු දිනය වෙනුවෙන් උතුරු පලාතේ ස්ථාන කිහිපයක යුද්දයේදී මිය ගිය මහවිරු පවුල්හි ඥාතීන්ගේ සහභාගීත්වයෙන් විවිධාකාරයෙන් සැමරුම් වැඩසටහන් රැසක් ඊයේ (27) රාත්‍රියේ සංවිධානය කොට තිබුණා.
යාපන , මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය සහ වව්නියාව යන දිස්ත්‍රීක්කයන්හි දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහවිරු පවුල් සාමාජිකයින් විසින් මහවිරු සැමරුම් සංවිධානය කොට තිබුණා.
උතුරු පලාතේ විශාලතම මහවිරු සුසාන භූමිය පිහිටි කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ මෙවරද ප්‍රධාන මහවිරු සැමරුම පැවත්වූ අතර ඊට අමතරව මුලතිව් නන්දිකඩාල් කලපුව, තේරාවිල්, විශ්වමඩු, යාපනය විශ්වවිද්‍යාලය, කෝපායි උඩුතුරෙයි, වව්නියාව ඊච්චන්කුලම්, මන්නාරම වෙඩිතලතිව් ආදි ප්‍රදේශ රැසක මහවිරු සැමරුම් සංවිධානය කොට තිබුණා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වනදාට යෙදීම සහ එම සංවිධානයේ කර්නල් වරයෙකු වූ ශංකර් නැමැත්තා ආරක්ෂක අංශ ප්‍රහාරයකින් 1982 වසරේ නොවැම්බර් 27 වනදා මිය යාම නොවැම්බර් මස විශේෂ වන අතර 1989 වසරේ නොවැම්බර් 27 වනදා සිට කොටි ත්‍රස්ත සංවිධානය විසින් මහවිරු සැමරුම ඉහලින්ම සැමරීම සිදු කෙරුණා.
අනතුරුව යුද්දය අවසන් වීමෙන් පසුව ආරක්ෂක අංශ විසින් යුද මානසිකත්වයෙන් මිදීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් උතුරු පලාතේ පිහිටි සියලු මහවිරු සුසාන භූමි ඉවත් කිරීමට පියවර ගැනුණා.
කෙසේවෙතත් එසේ ඉවත් කරන ලද මහවිරු සුසාණ භූමිවල නැවතත් මහවිරු සැමරුම් ත්‍රස්ත සංවිධානයක් හෝ සාමාජිකයෙකු ප්‍රදර්ශන නොකරමින් මහවිරු පවුල් ඥාතීන් විසින් මහවිරු සැමරුම් 2010 වසරෙන් පසුව මේ දක්වා සැමරීම සිදු වුණා.
එමෙන්ම මහවිරු සැමරුම්හි නීත්‍යානුකූල නොවන සැමරුම් සඳහා ආරක්ෂක අංශ විසින් අවස්ථාවන් කිහිපයකදී අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමද 2010 වසරෙන් පසුව සිදුවූ අතර ඊයේ (27) පැවති මහවිරු සැමරුම් සියල්ලක්ම ආරක්ෂක අංශ විසින් අධික්ෂණයන් කරනු ලැබුවා.
වන්නි – රොමේෂ් මධුෂංඛ
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06