2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
‘ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාවත් මේ ආණ්ඩුව තරම් බොරු සමාජගත කළේ නැහැ’ යයි සමගි ජන බලවේග යටිනුවර සංවිධායක මහේෂ් සේනානායක පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.
“වැදගත් මිනිස්සු, විනීත භාවයක් ඇති මිනිස්සු, බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියන කාරණය ජනතාව දැඩි ලෙස විශ්වාස කළා. නමුත් මහජනතාව ප්‍රකාශ කළේ නැහැ පාර්ලිමේන්තුව පිරවිය යුත්තේ ආචාර්යවරුන්ගෙන් සහ මහාචාර්යවරුන්ගෙන් බව. ආචාර්ය උපාධි නැති විනයගරුක වැඩක් කළ හැකි දක්ෂ දේශපාලනඥයන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු කරලා තිබෙනවා. ජාතික ජන බලවේගය
තුළත් එවැනි පිරිස් දැනටත් සිටිනවා. ජාතික ජන බලවේගය උත්සාහ කළේ බුද්ධිමත් පිරිසක් ඔවුන් සමඟ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීමටයි. කෙසේ නමුත් ඒ බුද්ධිමත් පිරිසගේ ආචාර්ය උපාධි අද ගැලවී තිබෙනවා.
බොරුවෙන් රටවල් කරන්න බැහැ කියන කාරණය නැවත නැවත ඔප්පු වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාවත් මෙතරම් බොරු සමාජගත කළේ නැහැ. ඔහුට ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට නොහැකි නිසා රට බංකොලොත්භාවයට පත් වුණා. නමුත් වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම බොරු කීම තුළ මහජනතාවගේ විශ්වාසය බිඳ දමා තිබෙනවා.
ආචාර්ය උපාධියක් තිබෙන බව ජනතාවට බොරු කියලා මහජනතාව මුළාවට පත් කරලා පත්වුණු මහජන නියෝජිතයන් නිසා අනාගත පරපුර බුද්ධිමතුන්ව පිළිගනීද කියන ප්රශ්නය මතුවෙනවා. ඒ නිසා මේ අශීලාචාර කටයුතු සිදුනොකරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”
2024 දෙසැම්බර් 27, ප.ව. 2:28
2024 දෙසැම්බර් 27, ප.ව. 12:48
2024 දෙසැම්බර් 27, ප.ව. 12:42
2024 දෙසැම්බර් 27, ප.ව. 12:03
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24