2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:15
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අරඹන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිවසක් තිබු බවත් එහෙත් එම නිවසේ ඉඳලා තියෙන්නේ බොරලැස්ගමුවේ හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පත් කරන ලද නිවාස භාරකරුගේ ප්‍රකාශ අනුව පහත විස්තර සදහන් මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබු නිවාසවල වෙනත් බාහිර පුද්ගලයින් පදිංචි වී සිටි බව අනාවරණය වී ඇත.
B1/0711 – B2/09/05 කුලියට ලබාගැනීම – මහින්ද රාජපක්ෂ.. පදිංචිය – බොරලැස්ගමුව හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත
B1/0711 කුලියට ලබාගැනීම නාමල් රාජපක්ෂ.. පදිංචිය – රේණුක පෙරේරා
B1/09/12 කුලියට ලබාගැනීම – චන්දිම වීරක්කොඩි.. පදිංචිය – වෙනත් අයෙක් පදිංචිව සිටී
B1/08/08 කුලියට ලබාගැනීම – සීතා අරඹේපොළ.. පදිංචිය – ලේකම් පදිංචිව සිටී
B1/06/07 කුලියට ලබාගැනීම – බන්දුල ගුණවර්ධන.. පදිංචිය – ලේකම් කැලුම් පදිංචිව සිටී
B1/09/10 කුලියට ලබාගැනීම – රවින්ද්‍ර කුමාර.. පදිංචිය – ලේකම් පදිංචිව සිටී
B2/09/01 කුලියට ලබාගැනීම – නිමල් ලන්සා.. පදිංචිය – බියගම ප්‍රදේශීය සභාවේ සභාපති
B2/08/05 කුලියට ලබාගැනීම – සහන් ජගත් කුමාර.. පදිංචිය – මහින්ද කහදගම
B1/04/11 කුලියට ලබාගැනීම – ගාමිණී ලොකුගේ.. පදිංචිය – හිටපු කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා
මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබු නිවාස 39ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව සඳහන් කරයි.
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:04