hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:20



තමන් BMICH වැනි සම්මන්ත්‍රණශාලා නොහැදුව ද චීන සහ ඉන්දියානු ආධාරවලින් වකගඩු රෝහලක් සහ පොළොන්නරු රාජ්‍ය භාෂා පාසල ගොඩනැගූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“චන්ද්‍රිකා මැතිණිය දුන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පදනමට ලැබෙන මුදල්නේ. මට එහෙම සම්මන්ත්‍රණ ශාලාවකුත් නෑ. එහෙම සල්ලි එකතුවෙන පදනමකුත් නැහැ.

වකුගඩු රෝහල මම චීනයෙන් ගත්තේ පරිත්‍යාග විදිහට. පොළොන්නරුවේ රාජ්‍ය භාෂා පාසල ඉන්දියාවෙන් ලැබුණු ත්‍යාගයක්. ඒ වගේ දේවල් රාශියක් මම රට වෙනුවෙන් කළා.”

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක රුපියල් කෝටි 25ක මුදලක් ආපදා සහන කටයුතු සඳහා පරිත්‍යාග කළ බවත් සෙසු හිටපු ජනාධිපතිවරුන් මුදල් පරිත්‍යාග කරනතුරු ජනතාව බලා සිටින බවත් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් විමසූ අවස්ථාවේ හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: