2025 අගෝස්‍තු 24, ප.ව. 4:41
සියලු දේශපාලන පක්ෂ භේද අමතක කර, පොදු මහජනතාවගේ නිදහස හා ප්‍රජාන්ත්‍රවාදය වෙනුවෙන් රට බේරා ගැනීමට කටයුතු කළ යුතු බවත්, රටේ දේශපාලඥයෙක් ලෙස රිමාන්ඩ් භාරයෙවත් නොසිටියහොත් එම දේශපාලන චරිතය අංග සම්පූර්ණ චරිතයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ,අද (24) කොළඹ අමාරි හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙන විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ ඒකාබද්ධ ප්‍රවෘත්ත් සකච්ඡාවට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“මේ ප්‍රජාත්‍රන්තවාදී සමාජයක තියෙන වටිනාකම තේරුම්ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඊට අභියෝගයක් වනවා නම්, අපිට පෙනී යනවා නම් ඒ සඳහා යම් ප්‍රශ්නාර්ථයක් මතුවීමෙන් පවතින බව මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය අගය කරන සෑම කෙනෙකුගේම වටිනාකමක් සහ යුතුකමක් තියෙනවා මේ සියලු දේශපාලන පක්ෂ බේද අමතක කරලා පොදු මහජනතාවගේ නිදහස හා ප්‍රජාන්ත්‍රවාදය වෙනුවෙන් රට බේරා ගැනීමට කටයුතු කිරීම. ඒක නිසා අපි ආරාධනා කරනවා මේ වාඩිවෙලා සිටින සමූහය සියලු දෙනාම ඒකාබද්ධ මතයක් විදිහට රටේ ප්‍රධානන්තරවාදය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කිරීමේ කාලය පැමිණෙමින් තිබෙන බව. ඒ නිසා අපිට අපේ දේශපාලන ප්‍රතිපත්තියෙන් තුළ අපි දුක් විඳලා තියෙනවා, හිරේ ගිහිල්ලා තියෙනවා, නොයෙකුත් කරදරවලට අපි ලක් වෙලා තිබෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා රිමාන්ඩ් භාරයට ගත්තයි කියන එක දේශපාලඥයෙක් විදිහට, දේශපාලඥයෙක් රිමාන්ඩ් එකේවත් හිටියේ නැත්නම් ඒකේ මේ ප්‍රධාන වශයෙන්ම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ ඒ දේශපාලන චරිතය. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයන් උඩ කෙසේ වෙතත්, මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ඉතාමත් කණගාටුදායකයි. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අපි දේශපාලන පක්ෂත්, නීතිඥවරුන්, මේ පැමිණ සිටින දේශපාලන පක්ෂ නායකයින් අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කරන බව විශේෂයෙන්ම සඳහන් කරනවා….”
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:00
2025 අගෝස්‍තු 24, ප.ව. 4:37
2025 අගෝස්‍තු 24, ප.ව. 4:33