hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 30, පෙ.ව. 9:56



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබඳ දැනුවත් කිරීමට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් මහතා හමුවී තිබෙනවා.

එම ඛේදනීය ප්‍රහාරයට පසුබිම් වූ සියලු හේතුන් පිළිබඳ ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මානව හිමිකම් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කර තිබුණා.