2023 ජූලි 01, පෙ.ව. 4:25
සී.ඩී වික්‍රමරත්න මහතාගේ විශ්‍රාම යාමෙන් හිස්වන පොලිස්පති ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධයෙන් කිසිදු සලකා බැලීමක් නොකරන ලෙස කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ඔවුන් අසමත් වීම සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාව තුළ ඔවුන් කෙරෙහි දැඩි කලකිරීමක් පවතින බව ද සදහන් කරනවා.
බුද්ධි අංශය ප්‍රධානී ලෙස එවකට සිටි නිලන්ත ජයවර්ධන මහතා අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොතිබූ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා අදාල තොරතුරු දැනගත් පසු ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන පණිවුඩකරුවකු ලෙස කටයුතු කර ඇති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම වාර්තා අනුව අනාවරණය වී ඇතැයිද කාදිනල් හිමිපාණෝ සිය ලිපියෙහි සදහන් කර තිබෙනවා.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06