hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 01, ප.ව. 6:46



යුක්තිගරුක හා සදාචාර සම්පන්න ජාතියක් ඇති කිරීම සඳහා කහ සිවුර හා සුදු ලෝගුව ඇතුළු සියලුම ආගමික නාගයන් එකට එක්විය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරනවා.

උත්සව සභාවක් අමතමින් අගරදගුරුතුමන් මෙම අදහස් පල කළා.

විවිධ ආගම් අදහන බවට වර්තමානයේ ප්‍රකාශ කළ ද ඒ සියල්ල මුසාවක් බවත් මෙරට සමාජය පාපිෂ්ට තත්ත්වයට පත්ව ඇති බවත් අගරදගුරුතුමන් පෙන්වා දෙනවා.

ඩොලර් ලැබෙන්නේ නම් රටේ නායකයන්ට ඕනෑම දූෂිත ක්‍රියාවක් සිදු කිරීමට පෙලඹී ඇති බවත් පැවසූ අගරදගුරුතුමන් එවැනි තත්ත්වයක් තුළ රට හරි මගට ගැනීමට නම් ආගමික නායකයන් එක් විය යුතුය ඇති බවද කියා සිටියා.