hit counter

2025 අගෝස්‍තු මස 03 වන ඉරිදා

2024 ජූලි 22, පෙ.ව. 9:18



පෙර දවසේ සිට පැවතෙන චාරිත්‍රයකට අනුව ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතූන් වහන්සේගේ තේවාව භාර රාජකාරී මල්වතු මහ විහාර පාර්ශවයෙන් අස්ගිරි මහ විහාර පාර්ශවය වෙත සාම්ප්‍රදායිකව මාරුවීම21 දින පස්වරුවේ සිදු වූවා.

ඒ අනුව ඉදිරි ඇසළ පෝය දක්වා තේවාව භාර කටයුතු අස්ගිරි මහ විහාර පාර්ශවය විසින් සිදු කරනු ඇත.

මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිවරුනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් මෙම සාම්ප්‍රදායික චාරිත්‍රය සිදු වුණා.

ඒ අනුව තේවාවභාර හිමි වශයෙන් අස්ගිරි පාර්ශවයේ කාරක සංඝසභික, මහියංගණ රජමහ විහාරාධිපති පූජ්‍ය  පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි පත් වූ අතර තේවාව භාරදීමේ අවස්ථාව සදහා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් ඇතුළු මල්වතු අස්ගිරි උභය මහා විහාර මහා සංඝරත්නය මෙන්ම දළදා මාලිගාවෙ රාජකාරි භාර වූවෝද එක්ව සිටියයා.