hit counter

2025 අගෝස්‍තු මස 21 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 21, ප.ව. 12:01



ඊයේ (20) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මාධ්‍යට අදහස් දක්වමින් පැවසූවේ ඉතිහාසය තුළ තමන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැකසූ ප්‍රතිපත්ති වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

ජනතාව විසින් බලාපොරොත්තු තබාගෙන වත්මන් ආණ්ඩුව බලයට පත් කළ බවත්, බලය ලබා ගැනීමට තමන් විසින් සිදුකළ ප්‍රකාශ ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බවට තමන්ගේ කටින්ම ප්‍රකාශ කිරීමට වත්මන් ආණ්ඩුවට සිදුවී ඇති බවත් මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම යහපත් දෙයක් බවත් එම කරුණු පිළිබඳව විමර්ෂනය කරන විට තමන් පිළිතුරු ලබාදීම හරහා රටට යථාර්ථය හෙළිදරව් කිරීමට අවස්ථාව සැලසෙන බවත් ඔහු එහිදී කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මහතා :

“මං හිතන්නේ ප්‍රශ්න ඇහුවා මම උත්තර දුන්න බොහොම හොඳ වැඩසටහනක්. මොකද මේක හරහා ඇත්ත යතාර්ථය රටට හෙළිදරව් කරන්න පුළුවන් වේවි ඉතින් මේකත් එක්ක තියෙන කරුණු අපෙන් අහන්න අවස්ථාවක් හදා දුන්නා. ඒ වගේම කරුණු ටික ඉදිරිපත් කිරීම සිද්ධ කළා.

වැඩසටහනක් කිව්වේ මේ නීති විරෝධී වත්කම් තියෙනවද නැද්ද කියලා හොයන වැඩේ හොඳ වැඩක්. මොකද එතකොට ඒක නිකන් බොරුවට චෝදනා කරන දේවල් වලට නිවැරදි උත්තර ජනතාවට දැනුවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වගේ ක්ලීන් කරලා දෙන වැඩෙත් කරලා දෙනවා. ඒ කණ්ඩායම බොහොමත්ම හොඳින් සලකනවා. ඒ වගේම අදින් මේක ඉවර වෙන්නෙ නැහැ. තවදුරටත් මට දන්න කියන තොරතුරු ඉදිරිපත් කරන්න තියෙනවා ඉස්සරහටත්.  දිනයක් දීලා නැහැ, මන් දන්නා තොරතුරු ඉදිරිපත් කරන්න තියෙනවා.

දැන් රට හොඳින් යන වෙලාවක්නෙ තියෙන්නේ, රට හොඳින් යනවා කියලා මන් කිව්වේ, රනිල් වික්‍රමසිංහ මහතා සහ අපි හදපු පනත් ටිකයි, මූල්‍ය නීතී, මහ බැංකු නීති ටිකයි, ආර්ථික පරිවර්තන සියල්ලම දැන් ඒ විදිහට ක්‍රියාත්මක කරගෙන යනවා.

ඉතින් ඒවා ක්‍රියාත්මක කරගෙන යනකොට මගේම කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යනවා වගේ මේ ආණ්ඩුවත්, හොඳට කරගෙන යනවා. අපි කරපු වැඩ ටිකම සහ ඒ දවස්වල අපිට කරගන්න බැරි වෙච්ච සමහර වැඩත් මේ ආණ්ඩුව හොඳින් කරනවා.

මම ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේ තමයි, රටේ ජනතාව තීන්දුවක් අරගෙනනෙ මේ වෙනස කළේ. එතකොට රටේ ජනතාව තීන්දුවක් අරගෙන ඒ වෙනස කළේ, ලොකු බලාපොරොත්තු තියාගෙන. එතකොට අපි විපක්ෂය විදිහට මැදට පැනලා ජනතාවට මේකේ වැරදි පෙන්නන්න ඕනේ නැහැ.

ජනතාවම දැන් තේරුම් ගනිමින් ඉන්නවා. ජනතාව බොහොම බුද්ධිමත්. තමන්ට මොකක්ද උනේ කියලා. අපි කොච්චර අහුවෙන්න එපා කියලා කිව්වත්, අපි අහු වුණානේද කියන එක දැන් ජනතාව තේරුම් ගන්න පටන් අරගෙන තියෙනවා.

ඒක නිසා විපක්ෂය විදිහට මන් හිතන විදිහට අපිට ට්කක් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. එක පැත්තකින් ඉතිහාසය විසින් අපි සිද්ධ කරපු දේවල් නිවැරදි කරලා දෙනවා මේ වර්තමානය විදිහට. ඒ වගේම ඒ අය ඉතිහාසයේ කරපු වරදවල් වැරදි බවට අද ඔවුන් විසින්ම ඔප්පු කරමින් පවතිනවා, පාර්ලිමේන්තුවේදීත් ඇතුළේදිත් එළියේදීත්.

ඒ වගේම රනිල් ජනපතිතුමා සහ අපි ගත්තු ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති  හරි කියන එක අද ඔවුන් නැවත නැවතත් පිළිගනිමින් ඉන්නකොට අපි සතුටු වෙනවා, අපේ ක්‍රියාමාර්ග වලට වැඩ කරමින් යන එකට”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: