hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2024 මාර්තු 24, ප.ව. 2:33



ඇමරිකා එක්සත් ජනපදයේ මව් සමාගම ක්‍රියාත්මක වෙන මැක්ඩොනල්ඩ්ස් සමාගමේ වෙළඳ නාමය යටතේ මෙරට ක්‍රියාත්මක වුණු අවන්හල් ජාලයේ අවන්හල් 12ක් මේ වන විට වසා තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් හි නිල ෆේස් බුක් පිටුව මේ වන විට පරිශීලකයන් සඳහා දිස් නොවන අතර, google වෙතින් පෙන්වන තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් ශාඛා මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.

එමෙන්ම මැක්ඩොනල්ඩ්ස් වෙත ඇණවුම් ලබා දිය හැකි දුරකථන අංකයද මේ වන විට විසන්ධි කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.